ශ්‍රී ලංකාවේ පළමු තරගය වත්මන් ලෝක කුසලාන අනුශූරියන් වන නවසීලන්තය සමඟ තරගය අද (01) එංගලන්තයේ කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් ප.ව. 3.00 ට ආරම්භ වේ.
බොහෝ දෙනාගේ අවතක්සේරුවට ලක්ව සිටින කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා පිල හදුන්වනු ලැබුවත් කිනම් මොහොතක හෝ අළු ගසා නැගිටිනු ඇතැයි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව අපේක්ෂාවෙන් පසුවෙයි.
පසුගිය පුහුණු තරගයේදි නවසිලන්තයට ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමට කොදෙව් පිලට හැකිවිය. එය ශ්‍රී ලංකා පිලට වාසි සහගත තත්වයකි.
ශ්‍රී ලංකා පිලේ දක්ෂතා සලකා බැලීමේදී ඕවර 50 ම ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවේ දැවැන්තම අභියෝගය බවට පත්ව ඇත. ඉදිරි පෙළ පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම මෙන්ම දිගින් දිගටම දක්ෂතා රඳවා තබා ගැනීමට පිතිකරුවන් අපොහොසත් වීම මීට හේතු බවට පත්වි ඇත.
නවක නායකයකු වන දිමුත් කරුණාරත්න යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලිය නියෝජනය කරද්දී කේන් විලියම්සන්ගේ නායකත්වය යටතේ නවසීලන්තය අද තරගයට බිමට පිවිසෙනු ඇත.
ශ්‍රී ලංකා සංචිතය –
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජෙලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඉසුරු උදාන, මිලින්ද සිරිවර්ධන, අවිශ්ක ප්‍රනාන්දු, ජීවන් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩේසේ, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්
නවසීලන්ත සංචිතය –
කේන් විලියම්සන් (නායක), ටිම් සවුති (උපනායක), ටොම් බ්ලන්ඩෙල්, ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් ඩි ග්‍රැන්ඩෝම්, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, ටොම් ලේතම්, කොලින් මුන්රෝ, ජිමී නීෂම්, හෙන්රි නිකොල්ස්, මිෂෙල් සැන්ට්නර්, ඉෂ් සෝඩි, රොස් ටේලර්