තායිලන්තයේ ලොයි ක්‍රැතොන්ග් (LOY KRATHONG) ආලෝක පූජාව ලෙස හැදින්වෙන මෙය තායි භාෂාවට අනුව ‘පාවෙන කෙසෙල් කොට සැරසිල්ල‘යන අර්ථය ද ගෙන දෙයි. තායිලන්තයේ චන්ද්‍ර දින දර්ශනයේ අවසාන පොහොය වන පසළොස්වක පොහෝ දිනය ආසන්නයේ මෙම උත්සවය පවත්වනු ලබයි.
මෙම උත්සවයේ ප්‍රධානම අංගය ලෙස කුඩා කෙසෙල් කොට කැබැල්ලක් මත පහනක් දල්වා ජලයේ පා කර හැරීමයි. ගෞතම බුදුරජාණන් වහන්සේට ගරු කිරීමක් ලෙස ගංගාවක, වැවක හෝ පොකුණක තායිලන්ත වැසියන් පා කර හරියි. මෙයින් නපුර හා අයහපත පා කර ඈතට යන බව ඔහුන් විශ්වාස කරයි.
තායිලන්තයේ සුකෝතායි ප්‍රදේශය ලොයි ක්‍රැතොන්ග් උත්සවය ආරම්භ වූ ප්‍රදේශයයි.මේ උත්සවය දින පහක් පුරා සමරනු ලබයි. සැරසිලි ජලයේ පා කිරීමට අමතරව මල් වෙඩි සංදර්ශන හා සංස්කෘතික අංගයන් ද ජන ගී ප්‍රසංගද පෙරහර ද දකින්නට ලැබෙනවා.