නේපාලයේ ෂර්පා ජාතිකයෙකු වන කමි රිටා ෂර්පා තැනැත්තා එවරස්ට් කන්ද 24 වතාවක් තරණය කර ලෝක වාර්තාවක් තබයි.
වාර්තාව තැබීම සඳහා සතියකදී දෙවතාවක් එවරස්ට් තරණය කර ඇති අතර දැනට 49 වියෙහි පසුවන ඔහු විශ්රාම යෑමට පෙර තවත් එක් වතාවක් කඳු මුදුනට ළඟාවීමට බලාපොරොත්තු වන බව පවසයි.
අඩි 29,035ක් උස එවරස්ට් කන්ද නැගීම සඳහා ඔහු භාවිත කරන්නේ ගිණිකොනදිග කඳුකර මාර්ගයයි.