Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දැන් තිරගත වන බොදු සිනමා සිත්තම  ජීවකම්භවනිකා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජීවිතයට ආදර්ශ රැසක් ලබාදෙන බොදු සිනමා සිත්තම ‘ජීවකම්භවනිකා හෙවත් සුභා තෙරණියෝ‘ සිනමාහල් වල ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද  දැන් තිරගත වෙයි.

බොදු සිරිත ඔප කළ ශික්ෂාකාමී තෙරණියක් වන භික්ෂුණී ශාසනයේ සිටි ධර්මධර, විනයධර ශික්ෂාකාමී තෙරණියකි සුභා  තෙරණිය ඇය ගාථාවන් 34ක් දේශනා කර ඇත.

උදේනී සිටුවරයාට උපන් රූමත් සුන්දර එකම දියණිය සුභා තෙරණියයි.ඇය පැවිදිවූ පසුව භාවනා කිරිමට ජීවක නම් වනයට වැඩියාය. එහිදි ඇයට දූර්තක තරුණයා සිතින් ඇයට පෙම් කරයි. සියලු සැප සම්පත් අතහැර සසුන්ගත වූ සුභා තෙරණියෝ දූර්තක තරුණයාගේ යෝජනා කරුණාවෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි.නමුත්  දූර්තක තරුණයා සුභා තෙරණියට කරදරයක් බවට පත්වෙයි.

තෙරණිය මෙසේ දුර්තක බමුණාගෙන් අසයි.

“ඔබ මට මෙතරම් කැමැති ඇයි?”

‘‘ඔබේ සුන්දරත්වයට. ඔබේ පෙනුමට.”

“එයිනුත් ඔබ වඩාත් කැමැති කුමකටද?”

‘‘දුටුවන් වශීකරන ඔබේ නෙත් සඟළට”

තෙරණිය ඇගේ දකුණු ඇස ගලවා ඔහුට දී එය රැගෙන යන්න කියයි. එයින් ක්ලාන්තව ඇද වැටෙන දූර්තක පසුව අනිත්‍ය වටහා ගෙන සසුන් ගත වෙයි.

දැන් තිරගතවන මෙම සිනමා පටය සුමිත් කුමාරගේ අධ්‍යක්ෂණයකි. ප්‍රියාල් වීරසිංහගේ තිර රචනයකි.

මෙහි ගී පද රචනා කර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. විශාරද නන්දා මාලනී සහ දුමාල් වර්ණකුලසුරිය මෙහි ගීත ගායනා කරති.

ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිණියෝ හා ශිල්පීහු  චරිත නිරූපණය කරති.

Scroll to Top