උඩරට පහතරට ගොවින්ට රජය වෙන් වෙන්ව සලකන බව සමස්ත ලංකා විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
වි වගා ගොවියට එක් විදිහකට සහ උඩරට පහතර ගොවින්ට රජය වෙන් වෙන් වශයෙන් සලකන බව සමස්ත ලංකා විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
එලවළු වගා කරන ගොවින් රසායනික පොහොර මිල තවදුරටත් අධික මිලකට පැවතිම සම්බන්ධයෙන් නුවරඑලියේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.
සමස්ත ගොවින්ටම අසාධාරණයක් වෙලා තියෙනවා අද වෙනකොට , අපේ ජිවිකාව තමයි ගොවිතැන.
අද වෙනකොට වි ගොවියට වෙනම සැලකිල්ලක් , උඩරට පහතරට ගොවියට වෙන සැලකිල්ලක් තමයි දක්වන්නේ.
බත් පිගානක් ගත්තොත් බත් විතරක් මදි එලවළු අවශ්‍යයි, ඒ නිසා ගොවිතැනේදි වි සහ එලවළු ගොවියට එක සමානම සලකන්න ඕනි.
ඉදිරියේදි ආහාර හිගයක් එන්න පුළුවන් නිසා සැලසුමකට අනුව වැඩ කරන්න ඕනි.
වි ගොවියට යුරියා මිටියක් රු 10000 දෙනවා , අපිට වෙලදපොලින් ගන්න ගියොත් රු 29000 වෙනවා.
රු 10000 අඩු කරා කිව්වා රු 29000 අරන් ගොවියට වගා කරන්න බැ. බිජ , භුමිතෙල් , බෙහෙත් මිල වැඩි දැන්.
යුරියා අනිවාර්යෙන්ම අවශ්‍යයි, මම කෘෂිකර්ම ලේකම්වරයාට කතා කරලා කිව්වා වි ගොවියට වගේ අනෙක් ගොවියන්ටත් යුරියා පොහොර ලබා දෙන්න කියලා.
නමුත් ලේකම්වරයාගෙත් ක්‍රියාමාර්ගයක් නැ , නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාටත් කිව්වා නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් රැගෙන නැ.
නුවරඑලිය හම්බෙලා තියෙන කොළ පොහොර සහ අල පොහොර කිලෝ 50 මිටියක් රු 17000-18000 වෙනවා.
මේ වගේ මිලකට පොහොර අරන් අපේ අහිංසක ගොවියා වගා කරන්නේ කොහොමද?
අපි රජයෙන් මේ මේ ගාණට දෙන්න කියලා සහනාධාර ඉල්ලන්නේ නැ , අක්කර ගණන් වගා කරන ගොවියා යටතේ මිනිස්සු විශාල ප්‍රමාණයක් වැඩ කරනවා.
ඒ අයටත් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා පොහොර , බිජ , බෙහෙත් මිල ඉහල යාම නිසා.
ඉන්ධන ප්‍රශ්නයත් තියෙනවා, නුවරඑලිය ප්‍රදේශයට මේ වන අධික වියළි කාලගුණයක් තියෙන්නේ , වත්තට ජලය ඉසින්න ලාම්පු තෙල් නැ , බෙහෙත් ඉසින්න පෙට්‍රල් හම්බෙන්නේ නැ .
ගොවින්ට අවශ්‍යය යටිතල පහුකම් නොදුන්නහොත් ගොවින් කඩා වැටෙනවා.
වගකිය යුතු නිලධාරින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි යනුවෙන් පැවසිය.
රංජිත්